‘වෝර්’ චිත්‍රපටයේ කොටස්කාරිණියක් වීමට ලැබීම භාග්‍යයක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පසුගිය වසරේ ප්‍රදර්ශනය වූ බොලිවුඩ් චිත්‍රපට අතර ඉහළම ආදායමක් උපයාගන්නට සමත් වූ චිත්‍රපටය ලෙස ‘වෝර්’ ක්‍රියාදාම චිත්‍රපටය පත් විය.  එහි ප්‍රධාන නිළි චරිතයට පණ පෙවු වානි කපූර් එම චිත්‍රපටය පිළිබඳව පසුගියදා එක්වූ සම්මුඛ සාකච්ඡාවකදී ඉතා සතුටින් කතා කර තිබුණ බව වාර්තා වේ.

මේ දිනවල සිය අලුත්ම චිත්‍රපටය වූ ‘ෂම්ෂේරා’ චිත්‍රපටයට සූදානම් වන වානි ‘වෝර්’ චිත්‍රපටය පිළිබඳව අදහස් දක්වමින් පවසා තිබුණේ ‘බ්ලොක්බාස්ටර්’ චිත්‍රපටයක් වූ ‘වෝර්’ චිත්‍රපටයේ කොටස්කාරිණියක් වීමට ලැබීම භාග්‍යයක් බවය. කාලයකට පසුව බොලිවුඩ් චිත්‍රපටයකට සම්බන්ධවූ තමාට හොඳ ආරම්භයක් මෙම චිත්‍රපටය හරහා ලැබුණ බව ඇය වැඩිදුටරත් පවසා ඇත.

20200324Vani-1 20200324Vani-2