වෙන්වූ අඹුසැමි යුවළ නැවතත් එකට
ජනප්‍රිය ගායන තරු දෙපලක් වන ජෙනිෆර් ලෝපෙස් සහ මාක් ඇන්තනිගේ විවාහ දිවිය සාර්ථක නොවුන බව නම් කවුරුත් දන්නා කරුණක්. වෙන්ව ජීවත් සිටි ඔවුන් දෙදෙනා නැවත එක් වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. එලෙස එක්වුණේ යළි එක ඔවුන් නැවත විවාහ දිවියක් ගත කිරීමට නොවෙයි. ජෙනිෆර්ගේ අලුත්ම ගීතයක වීඩියෝ රූගත කිරීමකටයි. ජෙනිෆර් ගැයූ අලුත්ම ගීතය වන ‘Ni Tu Ni Yo’ (ඔබත් නොවෙයි මමත් නොවෙයි) මෙහි වීඩියෝ දර්ශනවල ජෙනිෆර් සමඟ මාක් දායක වන බවයි සඳහන් වෙන්නේ. එම ගීතය ඇරැඹෙන්නේ ජෙනිෆර් මේසයක් අසල වාඩිවී සිටින දර්ශනයකින්. ඇය පිළිගන්නට එයට සමීප වන්නේ මාක්. ඔහු ජෙනිෆර් සමඟ විවාහ දිවිය ගත කළ සමයේ ඇයට ගීත රචනා කළා. ඇය ගැයූ ‘Ni Tu Yo’ ගීතය එළිදැක්වුණේ පසුගිය 04 දා නිව්යෝක් නුවර දී පැවැති ගිනිකෙළි සංදර්ශනයකදී බවයි වැඩි දුරටත් සඳහන් කරන්නේ.