වෙන් වුණත් වෙන් නොවන රීතික් - සුසේන්
රීතික් රොෂාන් සහ සුසේන් දික්කසාද වී ඇති නමුත් දරුවන් වෙනුවෙන් ඔවුන් දෙදෙනා ඕනෑම අවස්ථාවක එකිනෙකා හමු වෙති. ඔවුන් නැවතත් විවාහ වෙන්නට සූදානම් බවට කටකතා පැතිර ගොස් ඇති නමුත් සුසේන් ඒවා ප්‍රතික්ෂේප කරන්නීය. එහෙත් දරු දෙදෙනා ද සම`ග ඔවුන් දෙදෙනා සාද, විනෝද ගමන් ආදී නොයෙක් තැන්වල යනු මාධ්‍ය ඇසට හසු වී තිබේ.
මේ මෑතකදීත් ඔවුන් දරු දෙදෙනාත් සම`ග මුම්බායි හි ජුහු ප්‍රදේශයේ සිනමා ශාලාවක සිට පිටතට එන ආකාරය බොහෝ දෙනෙක් දුටහ. සැබැවින්ම ඔවුන් දෙදෙනාගේ දික්කසාදය පවුල්වල අයට, හිත මිතුරන්ට පමණක් නොව රසිකයන්ටත් වේදනාවක් වී ඇත්තේ ඔවුන් බොහෝ සෙයින් එකිනෙකාට කැපෙන යුවළක් බැව් සියල්ලන්ම දැන සිටි නිසාය.
‘‘ඒ දෙන්නා දෙන්නට ආදරේ කළේ උමතුවෙන් වගේ.. මේ පවුලට සිද්ද වුණ දේ අදහන්න බැරි ඒ හින්දයි..’’ ඔවුන් දෙදෙනාගේම මිතුරෙකු ස`දහන් කර තිබිණි.
ඔවුන් දෙදෙනාට ඇත්තේ චිත්‍රපටියක කතාවක් බ`දු සුන්දර ආදර අන්දරයකි. රීතික් ගේ පවුලේ අයත් සුසේන් ගේ පවුලේ අයත් හිත මිතුරන් වුවත් කුඩා කාලයේදී මිස රීතික් හා සුසේන් එකිනෙකා හමු වී නොතිබිණි. දිනක් රීතික් රථවාහන තදබදයකට අසු වුයේය. ඔහු වම්පසින් නවතා තිබූ කාරය දෙස බැලූවේ නිකමටය. එහි සිටියේ සුසේන්ය.
‘‘ෂා.. ලස්සන කෙල්ලක්.. මම මෙච්චර ලස්සන කෙල්ලෙක් කවදාවත් දැකලා නෑ..’’
ඔහු කල්පනා කළේය. ඇය සිය හිතමිතුරු පවුලේ දියණිය බැව් ඔහු හැ`දින ගත්තේ නැත. රථවාහන තදබදය වෙනදා නම් හිත නොසන්සුන් කරනමුත් මෙදින ඔහුට සිතුණේ එය තවත් තිබුණේ නම් හො`ද බවය. ඔහු කිහිප වරක්ම ඇය දෙස බැලූවේය. එක් මොහොතක ඔවුන්ගේ ඇස් හමු විණි. හ`දුනාගෙන හෝ නොගෙන ඇය ලස්සන සිනාවක් පෑවාය. රීතික් ගේ සිත කිතිකැවී ගියේය. ඔහු ඇගේ කාරයේ අංකය සිහි තබා ගත්තේ කෙසේ හෝ ඇය හමු වීමේ අරමුණ ඇතිවය.
‘‘කහෝ නා ප්යාර් හෑ..’’ චිත්‍රපටියේ අමීෂා හා රීතික් හමු වන්නේ ඒ ආකාරයෙන් මාර්ග සංඥා පුවරුවක් අසලදීය.
දෛවය විසින් සුසේන් රිතික් ළ`ගටම ගෙනැවිත් දෙනු ලැබිණි. ඔහුගේ සොයුරියගේ මංගල උත්සවයට ඇය ආරාධිත අමුත්තියක් ලෙස සහභාගි වූවාය. රීතික්ට දැනුණේ නිම්හිම් නැති සතුටකි.
‘‘මම කවදා හරි දවසක බ`දින්නෙ අර කෙල්ල තමයි..’’
මිතුරෙකුට ඇය පෙන්වූ ඔහු කීවේය.
එකී ආකාරයටම ඔවුන් දෙදෙනා අතර සම්බන්ධතාවක් ඇති වූයේය. රිතික් ඒ වන විට ජනපි‍්‍රය නළුවෙකු වී සිටියේ නැත. එහෙත් ගෘහාභ්‍යන්තර අලංකරණ ශිල්පිනියක වූ සුසේන් ලොකු ආදායමක් ලබමින් සිටියාය.
‘‘අපි දෙන්නා ඉස්සර වෙලාම හම්බ වුණ දවසේ ඔක්කොම වියදම් කළේ සුසේන්..’’
පසු කාලයක රීතික් එසේ කියා තිබිණි.
ඔවුන්ගේ ආදර සම්බන්ධය ආරම්භ කර වසරකට පසුව දිනෙක රීතික් මුම්බායි මුහුදු වෙරළේදී ඇය ඉදිරියේ දණින් සිටගෙන ඇයට විවාහ යෝජනා කළේය. ඇය එය පිළි ගත්තේ සතුටු ක`දුළු ඇස්වල පුරවාගෙනය.
රීතික් හින්දු හා සුසේන් මුස්ලිම් ආගම ඇදහූයේ වී නමුදු ඔවුන් දෙදෙනා විවාහ මංගල උත්සවය පැවැත්වූයේ ඒ කිසිම චාරිත්‍රයකට අනුකූලව නොවේ. වෙනස්ම ආකාරයකටය.
‘‘හරියට කි්රස්තියානි මංගල්ලයක් වගේ..’’ සමහරු එසේ ද පැවසූහ.
බැංගලෝරයේ සුවිසල් හෝටලයක පැවති උත්සවයට ඛාන් පවුල සහ රොෂාන් පවුලත් සමීප මිතුරු මිතුරියනුත් සහභාගි වුහ. එහි ලොකු පිහිනුම් තටාකයට ඉහළින් සාදන ලද පාලමක් මතට ගොඩ වී මංගල චාරිත්‍ර ඉටු කළ යුවල විවාහය ලියා පදිංචි කළේත් එහිදීමය.
‘‘එදා ඉ`දලා කවදාවත් මම සුසේන්ගෙන් ඈත් වෙලා ඉ`දලා නෑ..’’
එසේ පුරසාරම් දෙඩූ රීතික්ම දික්කසාද වීම සියල්ලන්ටම අරුමයක් වූයේ එම නිසාය.
මේ මෑතකදී සුසේන් පූනේවල මහල් ගොඩනැගිල්ලක ඉහළ මාලය රුපියල් කෝටි 17 කට මිළ දී ගත්තාය. ඇය වෙනත් විවාහයකට සුදානමින් එසේ කළ බව සමහරු කියතත් ඇය ඒ සම්බන්ධයෙන් කිසිවක් පවසා නැත.