වෙඩින් කාර්ඩ් බෙදන සමන්තා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-08-16-ent-101

ජනප්‍රිය දකුණු ඉන්දීය සිනමා නිළි සමන්තා රිතූ ඔක්තෝබර් 06 හා 07 වැනිදා සිදුවන තම විවාහය සඳහා මේ වනවිට සූදානම් වන බව සඳහන් වෙනවා. ජනප්‍රිය දමිළ සිනමා නළු නාගර්ජුන්ගේ බාලපුත් නාගා සමගින් සිය විවාහ ගිවිස ගැනීම මීට මාස තුනකට පෙර සිදු කරගත් සමන්තා මේ දිනවල සිය විවාහය සඳහා සිය සිනමා මිතුරු මිතුරියන්ට ඇරයුම්පත් ලබා දෙමින් සිටියි.

මේ වනවිට ඉන්දීය සිනමාවෙන් ඈත්ව සිටින සමන්තා සිය විවාහය වෙනුවෙන් අවශ්‍යතාවන් සඳහා වැඩි කාලවෙලාවක් ලබා දෙමින් සිටින බව සඳහන් වෙනවා. පහත දැක්වෙන්නේ ඇයගේ විවාහය වෙනුවෙන් නිර්මාණය කර තිබුණ විවාහ මංගල ඇරයුම් පතයි.