වෘත්තිය ගැන සතුටු වන සාරා
සායිෆ් අලී ඛාන් හා අම්රිතා සිංගේ දියණිය වන සාරා අලී ඛාන් තමන්ගේ වෘත්තිය පිළිබඳව වඩාත් සතුටු වන බව මෑතකදී එක්වූ පුවත්පත් සාකච්ඡාවකදී පවසා ඇත. ඇය පවසන්නේ 2018 වසරේ තිරගත වූ ‘කේදර්නාත්’ චිත්‍රපටයෙන් පසුව අභිෂේක් කපූර්, රෝහිත් ෂෙට්ටි හා ඉම්ටියාස් අලී වැනි දැවැන්ත සිනමා අධ්යක්ෂවරුන් යටතේ වැඩ කරන්නට ලැබීම භාග්‍යයක් වූ බවය. එමෙන්ම ඉදිරියේදී තමන්ට සුපිරි පන්තියේ නළුනිළියන් සමගද එක්ව රඟපෑමට චිත්‍රපට රැසක්ද ලැබී ඇති බව ඇය මෙහිදි වැඩිදුරටත් පවසා ඇත.
එමෙන්ම පළමු චිත්‍රපට රංගනයෙන්ම සම්මානයක් දිනා ගැනීමට තරම් තමන් වාසනාවන්ත වූ බවද ඇය මෙහිදි මතක් කර තිබුණි. සාරා ‘කේදර්නාත්’ චිත්‍රපටයේ කළ රංගනය උදෙසා ඇයට එම වසරේ පැවති සියලුම බොලිවුඩ් සිනමා සම්මාන උළෙලයන්වලදී වසරේ හොඳම නවක නිළියට හිමි සම්මානය දිනාගන්නට හැකි විය.