‘වූල්වරින්’ වෙන්න උදව් කළේ මගේ බිරිඳ
වසර 16ක් තිස්සේ ‘වූල්වරින්’ නම් සුපිරි චරිතය නිරූපණය කරමින් ප්‍රේක්ෂක ආදරය දිනාගත් 50 වැනි වියෙහි පසුවන ඔස්ට්‍රේලියානු ජාතික හියු ජැක්මන් පසුගියදා ඇමෙරිකාවේ ප්‍රකට සිනමා වැඩසටහකට එක් විය. එය සංවිධානය කර තිබුණේ ‘මාවල්’ චිත්‍රපට සමාගමෙන් වන අතර, ඒ ‘එක්ස් මෙන්’ අලුත්ම චිත්‍රපටයේ ප්‍රචාරක කටයුත්තක් ලෙසිනි.
මෙහිදි ‘වූල්වරින්’ චිත්‍රපටයට සම්බන්ධ වූ මුල් කාලය මතක් කරමින් ඔහු පැවසුවේ ‘වූල්වරින්’ ලෙස චරිත නිරූපණය කරන්නට තමාට පැය 12කට අධික කාලයක් වැය වූ බවය. ඒ අවස්ථාවේදී සිය බිරිඳ ඔහුට පවසා තිබුණේ තමන් ගැනම තමන් විශ්වාසයක් ඇති කරගත යුතු බවත් ඉන් පසුව අනෙකුත් කරුණු කාරණා අමතක චරිතයට අවධානය යොමු කරන්න ලෙසටත් අවශ්‍ය උපදෙස් ඇය ලබාදුන් බවය.