වුල්වරීන්ගේ චරිතය දිගටම
2017 වර්ෂයේ තිරගත වූ ලෝගන් චිත්‍රපටයේ ලෝගන්ගේ මරණින් පසු බොහෝ දෙනා විශ්වාස කරනු ලැබුවේ ‘එක්ස්මෑන්’ චිත්‍රපටයේ ලෝගන්ගේ චරිතය අවසන් බවය. නමුත් එහි දී නවතම චරිතයක් එම චිත්‍රපටය මගින් හඳුන්වාදුනි. ‘X-23’ මෙම චරිතයට පණ දෙනු ලැබූවේ ඩැෆ්නි කීන් නම් කුඩා දැරියක විසිනි. මෙම චිත්‍රපටය ඇයගේ දෙවැනි චිත්‍රපටය වන අතර, ‘X’ චරිතයට පණ පෙවීමට ඉදිරියේදී ඇයට අවස්ථාව උදාවන බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටියි.