විවේචනය, අවධානය හා අමිතාබ් බච්චන්
විවේචනය හා අවධානය යනු එකිනෙකට බැ`දී පවතින දෙයක් බැව් ඉන්දියාවේ මෙගා තරුව අමිතාබ් බච්චන් පවසයි. තමා විවේචනය කරන්නේ තමා පිළීබ`දව දැඩි අවධානයක් යොමු කරන අය බැව් ඔහුගේ අදහසය.
‘‘මේක මං කියපු දෙයක් නෙමෙයි.. දැනුම්තේරුම් ඇති අය කියන දෙයක්.. කවුරු හරි තමන් විවේචනය කරනවා නම් ඒ තැනැත්තා එක්ක කේන්ති ගන්න හො`ද නෑ.. ඔහු තමන් ගැන දක්වන අවධානය ගැන හිතලා සතුටු වෙන්න ඕන.. මම එහෙමයි..’’
මේ 74 හැවිරිදි නළුවා පවසයි. දශක හතරකට ආසන්න කාලයක් ඔහු ක්ෂේත‍්‍රයේ රැු`දී සිටින්නේය. එහෙත් තවමත් ඔහුගේ ජනපි‍්‍රයත්වය හීන වී නැත. ඔහු මේ දිනවල ‘‘102 යි නොට් අවුට්’’ චිත‍්‍රපටිය නිසා කාර්යබහුල වී සිටින්නේය. මෙම චිත‍්‍රපටියේ අමිතාබ් සම`ග ප‍්‍රවීන නළු රිෂි කපූර් ද ර`ග පාන්නේය. එය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ උමේෂා ශුක්ලා විසිනි.