විවාහයෙන් පසුව සිනමාවට එන ප්රියංකා
කලකට පසුව බොලිවුඩ් සිනමාව තුළ දකින ප්රියංකා චොප්රා දකින චිත්රපටයක් එළැඹෙන ඔක්තෝබර් 11 වැනිදා ප්රදර්ශනය වීමට නියමිතව ඇත. ඒ ‘ද ස්කයි ඊස් පින්ක්’ චිත්රපටයයි. චරිතාප්රදාන චිත්රපටයක් ලෙස නම් කර ඇති මෙම චිත්රපටයේ ප්රියංකාට අමතරව ෆර්හාන් අක්තාර්, සයිරා වසිම්, රෝහිත් සුරේෂ් රංගනයෙන් දායක වෙයි.
පෙම්වතුන්ව ඉතා විනෝදයෙන් සිටි ආදිති හා නිරාන් දෙදෙනාගේ ජීවිත වෙනස් වීමට පටන් ගන්නේ ඔවුන්ට දරුවෙකු ලැබීමත් සමගය. තරුණ වියට එළැඹිමත් සමග අයිෂාට දරුණු රෝගයක් වැළදේ. ඉන් ආදිති, නිරාන් පමණක් නොව ඔවුනොවුන්ගේ පවුල අයද විවිධ පීඩාවන්ට පත්වේ. සිය දරුවා සුව කර ගැනීමට නොයෙකුත් දේවල්වලට පෙළෙඹන ඔවුන්ගේ ජිවීතය අවසන් වෙන්නේ දෛවයටද පිටුපාමිනි. සොනාලි බොසී විසින් අධ්යක්ෂණය කරනු ලැබු මෙම චිත්රපටය සිද්ධාර්ත් රෝයි කපූර් හා ප්රියංකා චොප්රා දෙදෙනා නිෂ්පාදනය කොට තිබේ.