විවාහයට කළින් ලෝකේ පුරා යන රන්වීර්, දීපිකා
මේ වසරේ නොවැම්බර් මාසයේ විවාහ වීමට සූදානමින් සිටින බොලිවුඩ් සිනමා නළුනළි යුවලක් වන දිපීකා පදුකෝන් හා රන්වීර් සිං දෙදෙනා මේ දිනවල ලොවපුරා සංචාරය කරමින් සිටින බව සඳහන් වේ. පසුගිය සති අන්තයේදී ඔවුන් දෙදෙනා ඉතාලියේ කාලය ගෙවා ඇති අතර, පසුගිය සිකුරාධා දිනයේදී ඔවුන් ඇමෙරිකාවට පැමිණ තිබේ.
ඉතාලියේදී සංචාරය කරමින් සිටින අතරතුරදී ගත් ඡායාරූප බොහෝමයක් දීපිකාගේ මෙන්ම රන්වීර්ගේ ‘ඉන්ටර්ග්රෑම්ස්’ ගිණුම් තුළ පළ කර තිබෙන අතර, රන්වීර් සිය ඡායාරූපවලට ‘ඒකාකාරි ජීවිතයකට යොමු වීමට පෙර කෙටි නිදහසක්’ යනුවෙන් කෙටි සටහනක්ද එක්කොට තිබුණි. ඇමෙරිකාව දින තුනක කාලයක් ගෙවා ඔවුන් ප්රංශය, ස්විට්සර්ලන්තය වැනි යුරෝපා රටවල් කිහිපයකද සංචාරය කරන්නට තිරණය කර ඇති බවට නිල නොළත් ආරංචි මාර්ග සඳහන් කොට තිබේ.