විවාහය නිසා වරුන් සිය අලුත්ම චිත්‍රපටය කල් දමයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-07-08-ent-95

දෙසැම්බර් මුල් සතියේදී තිරගත වීමට නියමිතව තිබු රේමෝ ඩී සූසාගේ ‘ස්ට්‍රේට් ඩාන්සර්’ චිත්‍රපටය ලබන වසරේ ජනවාරි 24 වැනිදින ප්‍රදර්ශනය කිරීමට සූදානම් කර තිබේ. මෙසේ මෙම චිත්‍රපටය තිරගත වීමට කල්ගතව ඇත්තේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන වරූන් ධාවන්ගේ හා නටාෂා දලාල් දෙදෙනාගේ විවාහය දෙසැම්බර් මාසයට යෙදී තිබීමය.

මේ වනවිට සිය විවාහය නිසා කාර්යබහුලව සිටින වරූන් සිය විවාහය ප්‍රියංකා චොප්රා හා නික් ජෝන් විවාහ වූ ජෝදාපූර් රජ මාලිගාවේ පැවැත්වීමට සුදානම් කර තිබෙන බව සඳහන් වේ. මේ දිනවල වරූන් පවුලේ සාමාජිකයන් වරූන්ගේ විවාහය වෙනුවෙන් සුදානම් වන බවටද තොරතුරු වාර්තා වේ.