විවාහය නිසා රන්වීර් භාරගත් වැඩ ඉවර කරයි
සිය විවාහය වෙනුවෙන් සූදානම් වීමට ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු රන්වීර් සිං මේ දිනවල සිය චිත්‍රපට රූපගත කිරීම් ළහි ළහියේ නිමා කරන බව වාර්තා වේ. මේ දිනවල ඔහු රෝහිත් ෂෙට්ටිගේ ‘සිම්බා’ චිත්‍රපටයේ රූපගත කිරීම් කටයුතුවලට දායකව සිටින අතර, එම චිත්‍රපටය මේ වසරේ දෙසැම්බර්යේදී ප්‍රදර්ශනය කිරීමට නියමිතව ඇත. මෙහි රන්වීර් සමගින්, සායිෆ් අළි ඛාන්ගේ දියණිය සාරා අලී ඛාන්ද රංගනයේ යෙදේ.
මෙම චිත්‍රපටයට අමතරව ඔහු සෝයා අක්තාර්ගේ ‘ගුල්ලු බෝයි’ චිත්‍රපටයේද රූපගත කිරීම් කටයුතුවලට මේ දිනවල එක්ව සිටියි. එයද මේ වසරේ තිරගත වන චිත්‍රපටයක් වන අතර, එහි ඔහු ආලියා භාට් සමගින් රංගනයේ යෙදේ. රන්වීර් සිං මේ වසරේ මුලින්ම රංගනයෙන් දායක වූ ‘පද්මාවත්’ චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 529ක ආදායමක් උපයා ගන්නට සමත් විය. එහි ඔහු රඟපෑවේ තමන් සමග නොවැම්බර් මාසයේදී විවාහ වීමට සිටින දීපිකා පදුකෝනි සමගය.