විවාහය ගැන තවමත් සැලසුමක් නැහැ
අප්‍රේල් මාද භාගයේදී විවාහ වන බවට ඉඟි පළ වුවද අර්ජූන් කපූර් හා මලෙයිකා ආරෝරාගේ විවාහය සිදු නොවිය. මලෙයිකා සිය ‘ඉන්ටර්ග්‍රෑම්ස්’ ගිණුම හරහා සටහනක් තබමින් පවසා ඇත්තේ තමන් තවමත් විවාහයක් කරගැනීමට සැලසුම් කර නොමැතී බවය.
අර්ජුන් කපූර්ද සිය පෙම්වතිය මලෙයිකා නොවන බවද මේ වනවිට ප්‍රසිද්ධියේ පවසා තිබුණද කපූර් පවුලෙන් මේ වනවිට මලෙයිකාට කැමැත්ත ලබාදී තිබෙන බවටද තොරතුරු වාර්තාවේ. කෙසේ වෙතත්, මලෙයිකාගේ හිටපු සැමියා වන බොලිවුඩ් සිනමා නළු අර්බාස් ඛාන් තවත් නොබෝ දිනකින්ම සිය රුමේනියානු පෙම්වතිය ජොර්ජියානා විවාහ කර ගැනීමට සූදානමින් සිටින බව සඳහන් වේ.