විවාහ සංවත්සරය සමරන ජායා හා අමිතාබ්
හින්දි සිනමාවට අමිල මෙහෙවරක් ඉටු කළ සිනමා නළුනිළි යුවළක් ලෙස අමිතාබ් බච්චන් හා ජායා බහදුරි බච්චන් හැඳින්විය හැකිය. පසුගියදා ඔවුන් දෙදෙනාගේ විවාහ සංවත්සරය යෙදි තිබුණ අතර, ඒ 47 වැනි වතාවටය.
මේ වෙනුවෙන් පවුලේ කිහිප දෙනෙකු එක් වූ චාම් උත්සවයක් පැවැත්වූ බව සඳහන් වේ. කෙසේ වෙතත්, අමිතාබ් හා ඡායා දෙදෙනා සිය විවාහ සංවත්සරය වෙනුවෙන් සිට ‘ටිවිටර්’ ගිණුම් හරහා සිය රසික, රසිකාවියන් එවු සුබපැතුම්වලට ප්රතිචාරද දක්වා තිබුණ බව සඳහන් වේ. අමිතාබ් හා ජායා දෙදෙනාගේ විවාහය 1973 ජුනි 03 වැනිදා සිදුව තිබුණි.