විවාහ නොවි රවුම් ගහන අර්ජුන්, මලෙයිකා
බොලිවුඩයේ වඩාත් කතාබහට ලක්ව ඇති පෙම්වතුන් යුවළක් වන අර්ජූන් කපූර් හා මලෙයිකා ආරෝරා යුවළ පසුගිය සතිය මැදදී මුම්බායි ගුවන් තොටුපළෙන් විදෙස් රටකට ගොස් තිබෙන බව සඳහන් වේ. ලැබෙන වාර්තාවලට අනුව මොවුන් දෙදෙනා පිටත්ව ගොස් ඇත්තේ අර්ජූන් කපූර් 34 වැනි උපන්දිනය සැමරිම සඳහා බව වාර්තා වේ.
කාලයක් අප්රසිද්ධියේ පෙම්වතුන්ව සිටි මොවුන් දෙදෙනා මේ වනවිට බොලිවුඩයේ වඩාත් ජනප්රිය පෙම්වතුන් යුවළක් වී ඇත. පසුගිය කාලයේ ප්රිය සම්භාෂන උත්සාව, චිත්රපට මංගල දර්ශන මෙන්ම රූපවාහිනි රියලැටි වැඩසටහන් සඳහාද එකට පෙනී සිටි බවට තොරතුරු වාර්තා වේ.