විල් ස්මිත් ද්විත්ව චරිතයකට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-09-17-ent-748

ඇමෙරිකානු ඩොලර් බිලියනයක් උපයාගත් ‘ඇලඩින්’ චිත්‍රපටයෙන් පසුව සුපිරි හොලිවුඩ් නළු විල් ස්මිත් සිය ප්‍රේක්ෂකයින් මුණ ගැසෙන අලුත්ම හොලිවුඩ් චිත්‍රපටය වන්නේ ‘ජෙමිනි මැන්’ය. ඔක්තෝබර් 11 වැනිදා හොලිවුඩයට සමගාමිව ලොවපුරා ප්‍රදර්ශනය කිරීමට සූදානම් කර ඇති මෙම චිත්‍රපටය ක්‍රියාදා ලේබලය යටතේ නිර්මාණය කර ඇති චිත්‍රපටයක් වේ.

වෘත්තිය රහස් පරික්ෂකවරයෙකු ලෙස සේවය කරන හෙන්රි බ්‍රෝගන් වයස් සීමාව සම්පුර්ණ වීමත් සමග එම රැකියාවෙන් ඉවත් වෙයි. ඉවත් වූ නමුදු කිසිදා අත්නොවිඳි සිදුවීම් මාලාවට පැටලේ. ඒ ඔහුගේ පෙනුමෙන්ම යුත් ක්ලෝනයකින් නිර්මාණය වු තරුණයෙකු ඔහුට මුණ ගැසීමත් සමග. කතාව දිග හැරෙන්නේ ඔවුන් දෙදෙනා මුහුණ දෙන සිද්ධාදාමයක් හරහාය. විල් ස්මිත්, මේරි එළිසබෙත්, බ්‍රෙන්ඩික්ට් වෝන්ග්, ලින්ඩා එමෝන්ඩ්, ඩග්ලස් හොඩ්ජ් ඇතුළු පිරිසක් මෙහි රංගනයෙන් දායක වෙයි.