‘විරේ ඩී වෙඩින්’ දෙවැන්නක්
2018 වසරේ ජුනි මාසයේදී ප්‍රදර්ශනය වූ ‘විරේ ඩී වෙඩින්’ බොලිවුඩ් චිත්‍රපටයේ දෙවැන් නිර්මාණය කරන්නට මේ වනවිට සූදානමින් සිටින බවට තොරතුරු වාර්තා වේ. පසුගිය සති අන්තයේදී මේ බව නිල වශයෙන් මාධ්‍යය දැනුම්වත් කළ අතර, කරීනා කපූර්ගේ එක්වීම මේ වනවිටත් ස්ථිර වී ඇතැයි මෙම හමුවේදි වැඩි දුරටත් ප්‍රකාශ වී ඇත.
මෙම චිත්‍රපටයේ ‘කලින්දි පූරි’ ලෙස රංගනයෙන් දායක වූ කරිනා වටා මෙම නව නිර්මාණයේ කතාව ගෙති ඇත. කෙසේ වෙතත්, පළමු චිත්‍රපටයේ රඟපෑ අනුෂ්කා ෂර්මා, ස්වෙරා බාස්කර් හා ශීකා තල්සානියා තවමත් මෙම චිත්‍රපටයට දායක වෙනවාද නැද්ද යන්න නිශ්චිතව වාර්තා වී නොමැත.