විරාත්ගේ කෙටි නම 'අනුෂ්කා'



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

 2017-10-18-ent-61

ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාත් කෝලිගේ කෙටි නම ‘අනුෂ්කා’ ෂර්මා බව පසුගියදා හෙළි විය. ඒ සුපිරි බොලිවුඩ් නළු අමිර් ඛාන් විසින් ඉදිරිපත් කරනු ලැබු ‘දිවාලි ස්පේශල් චැට් ෂෝ’ නම් වැඩසටහන තුළදීය.

මෙම වැඩසටහන සඳහා අමිර් සමගින් විරාත් කෝලි එක්වූ අතර, වැඩසටහන අතරතුරදී අමිර් ඇසූ ප්‍රශ්නයකදී සිය කෙටි නම ‘අනුෂ්කා’ බව හෙළිවී තිබේ. වැඩසටහන අතරතුරදි සුපිරි බොලිවුඩ් සිනමා නිළි අනුෂ්කාද දුරකථන මාර්ග ඔස්සේ මෙම වැඩසටහනට සම්බන්ධ වූ අතර, ඇයද මෙහිදී අමිර් සමගින් විරාත්ට ප්‍රශ්න කිහිපයක් ඉදිරිපත් කළ බව සඳහන් විය. මෙම වැඩසටහන ඔක්තෝබර් 15 වැනිදා ‘සී ටීවී’ නාළිකාව තුළ විකාශය විය.

 

2017-10-18-ent-60