වියදම් මුදල සොයා ගැනිමට අසමත් වූ ‘හෙල්බෝයි’
ආදායම් උපයා ගැනීම අතින් අති සාර්තක වනු ඇතැයි බොහෝ දෙනා මත පළ කළ ‘හෙල්බෝයි’ චිත්‍රපටය මේ වනවිට සිය වියදම් මුදල හෝ උපයා ගැනීමට නොහැකිව අසාර්ථක වී තිබේ. අප්‍රේල් 12 වැනිදා තිරගත වූ මෙම චිත්‍රපටය මේ වනවිට ලොවපුරා ඇති සිනමා ශාලාවලින් ඉවත් කර තිබේ.
ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක් වැය කරමින් නිර්මාණය කළ මෙම චිත්‍රපටය තිරගත වූ කාලයේද උපයා ගැනීමට සමත්ව තිබුණේ ඇමෙරිකානු ඩොලර් මිලියන 38ක් පමණි. 2004 වසරේ තිරගත වූ ‘හෙල්බෝයි’ චිත්‍රපටය ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක් උපයාගත් අතර, එහි දෙවැන්න 2008 වසරේ තිරගත විය. එම චිත්‍රපටය උපයාගත් මුදල ලෙස වාර්තා වන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන 160ක් ලෙසය.