විනෝද් ඛන්නාගේ අභාවය
සිනමා නළුවෙකු මෙන්ම ප්‍රබල දේශපාලඥයෙකු වන විනෝද් ඛන්නා පසුගිය අප්‍රේල් 27 වැනිදා අභාවපාප්ත්ර විය. මියයන විට සිය 70 වැනි වියෙහි පසුවූ ඔහු ඒ වනවිට හින්දි චිත්‍රපට 142ක රඟපා තිබුණි. අවසන් වරය ඔහු බොලිවුඩ් චිත්‍රපටයක දකින්නට ලැබුණේ 2015 වසරේ තිරගත වු ‘දිල්වාලි’ චිත්‍රපටයේය. ඒ සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ පියා ලෙසය.
ජනප්‍රිය සිනමා නළුවන් වූ රාහුල් ඛන්නා හා ආක්ෂය ඛන්නා දෙදෙනා විනෝද්ගේ දරුවන් වන අතර, ඔවුන් දෙදෙනා සමගින් තවත් දරුවන් හය දෙනෙකු ඔහුට සිටියි. දෙවරක් විවාහ වූ විනෝද් ඛන්නා මියයන විට කවීතා නම් ව්‍යාපාරික කාන්තාව සමගින් විවාහවී සිටියේය. භාරතීය ජනතා පක්ෂයෙන් කිහිප වරක් ඉන්දීය පාර්ලිමේන්තුවට තේරීපත්වූ ඔහු, වරක් ඉන්දීය ක්‍රීඩා අමාත්‍යවරයා ලෙසද කටයුතු කර තිබුණි.
ඔහුගේ දේහය මිහිදන් කරන විට බොලිවුඩ් සිනමා නළුනිළියන් රැසක් සහභාගී වි සිටි අතර, පහතින් දැක්වෙන්නේ ඔහුගේ අවමංගල උත්සවයේ ඡායාරූප කිහිපයකි.