විනෝද් ඛන්නා අසනීපෙන්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-04-13-ent-33

බොලිවුඩයේ ප‍්‍රවීණ නළුවෙකු වන විනෝද් ඛන්නා පසුගියදා දැඩි විජලනකාරී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කෙරිණි. දැන් ඔහුගේ තත්ත්වය සුවදායක අතට හැරෙමින් පවතින බැව් වෛද්‍යවරු කියති. ඔහුට ඉක්මනින් සුවය පැතූ අයට මෙන්ම වෛද්‍යවරු ඇතුළු රෝහල් කාර්යමණ්ඩලයටද පවුලේ අය ස්තුති කරති. විනෝද්ගේ පුත් රාහුල් ඛන්නා පවසන්නේ අවුරුදු 70ක් වුවත් තවමත් විනෝද්ට ආදරය කරන අයගෙන් අඩුවක් නැති බවය.

විනෝද් ඉන්දියානු පාර්ලිමේන්තුවේ ගුර්දාස්පූර් නියෝජනය කරන භාරතීය ජනතා පක්ෂ සාමාජිකයෙකි. මෙරේ අප්නේ, ඉන්සාෆ්, අමර්, අක්බාර්, ඇන්තනි ඇතුළු චිත‍්‍රපටි රැසක ඔහු රඟපා තිබේ.