විද්‍යා බාලන් ගේ ස්ති‍්‍ර මායම්
කහානි, ද ඩර්ටි පික්චර්, ඉෂ්කියා, පරිනීතා, නෝ වන් කිල්ඞ් ජෙසිකා, පා, තුම්හාරි සුලූ ඇතුළු චිත්‍රපටි බොහෝ ගණනක ර`ග පෑ සම්මානනීය නිළියක වන විද්‍යා බාලන් දකුණු ඉන්දියානු චිත්‍රපටි ගණනාවක ද ර`ග පා තිබේ. මේ දිනවල ඇය රග පාන්නේ ආක්ෂේ කුමාර් සම`ග මිෂන් මංගල් චිත්රපටියේය.
‘‘චිත්‍රපටි ක්ෂේත්රයේ හැම කෙනෙකුටම හො`ද අත්දැකීම්වලට වගේම නරක අත්දැකීම්වලටත් මූණ දෙන්න සිද්ද වෙනවා.. ජිවිතේට හු`ගක් වැදගත් වෙන්නෙ නරක අත්දැකීම්වලින් ඉගෙන ගන්න පාඩම් තමයි..’’ විද්‍යා බාලන් කියන්නීය.
ඇගේ සිතට බිය මෙන්ම චකිතයත් දැනවූ එවන් අත්දැකීමක් පිළිබ`දව ඇය පසුගියදා මාධ්‍යයට හෙළි කර තිබිණි.
‘‘මේක සිද්ද වුණේ චෙන්නායිවලදී.. දකුණු ඉන්දියානු අධ්යක්ෂවරයෙක් දවසක් කිව්වා ඔහුගේ චිත්‍රපටියට නළුනිළියෝ තෝරා ගන්නවා.. මාවත් තෝරා ගන්න අදහසක් තියෙනවා.. ඒ හින්දා අපි හම්බ වෙලා කතා කරමු කියලා.. මාත් කැමති වුණා.. අපි කොෆී ෂොප් එකකට ගිහින් කතා කරමු කියලා මම කිව්වම එයා කිව්වෙ එතකොට නිදහසේ කතා කරන්න බෑ, ඒ හින්දා හෝටල් කාමරේකට යමු කියලා.. කරන්නම දෙයක් නැති හින්දා මම ඒකට කැමති වුණා.. හැබැයි මම කතා කරන්න පටන් ගත්තෙ කාමරේ දොර ඇරලා තියලා.. අර තරම් වැදගත් කියලා ඇෙ`ගව්ව කතාව විනාඩි පහකට සීමා කරලා මිනිහා යන්න ගියා.. ඒකෙන් මම ඉගෙන ගත්ත පාඩම මට කවදාවත් අමතක වෙන්නෙ නෑ..’’ ඇය පැවසුවේ හිනැහෙමිනි.