විද්‍යා බාලන්ට රයිෆල් පුහුණුව
‘කුමන චරිතයක් සඳහා වුවද නොබියව මුහුණ දෙන නිළියක් ලෙස විද්‍යා බාලන්ව හඳුන්වනු ලබයි. ඉතාමත් නුදුරේදී එළිදැක්වීමට නියමිත "බෙගම් ජාන්" චිත්‍රපටයේ ඇයගේ චරිතයක් අභියෝගාත්මක් චරිතක් බව කිවයුතු වෙයි. මෙහිදී ඇය රංගනයෙන් දායක වනු ලබන්නේ ගණිකා නිවාසයක හිමිකාරියගේ චරිතයක් බව සඳහන් වෙයි. "රාජ්කාහිනි" නම් වූ බෙංගාලි චිත්‍රපටයේ කතා තේමාව පදනම් කරගෙන නිර්මාණය කළ "බෙගම් ජාන්" අධ්‍යක්ෂණය කරනු ලබන්නේ ශ්‍රීජිත් මුඛර්ජි නම් අධ්‍යක්ෂකවරයා විසිනි.
විද්‍යා නිරූපණය කරන චරිතය ඇතැම් අවස්ථාවලදී රයිෆලයක්ද භාවිත කළයුතු වූ අතර, එම හේතුවෙන් ඇයට රයිෆලයක් සමග ගනුදෙනු කරන්නේ කෙලෙසදැයි පුහුණුවක් ලබාදීමට අධ්යක්ෂ ශ්‍රීජිත්ට සිදුවූ බවද ඉන්දියානු මාධ්‍ය සඳහන් කරනු ලබයි. මේ පුහුණුවීම් සිදුකළ ඇත්තේ ඒ සඳහා දක්ෂ පුහුණුකරුවෙක් යටතේ බව සඳහන් වෙයි. එහිදී රයිෆලයකට උණ්ඩ ඇතුළත් කරන්නේ කෙසේද, ඒවා පිටතට ගන්නේ කෙසේද මේ ගිනි අවිය හසුරුවන්නේ කෙසේද යන කටයුතු විද්‍යාට ඉගෙන ගන්නට සිදුවූ බවද සඳහන් වෙයි. ඉලක්කය බලා නිවැරදිව වෙඩි තැබීමට ඇය පුහුණුව ලැබුවේ ඒ සඳහා වෙන් වූ එළිමහනකදීයි. මෙම පුහුණුව දවස් 10ක කාලයක් පැවැත්වුණු බවද සඳහන් වේ. එම පුහුණුවත් ඇය අභියෝගාත්මක ලෙස නිමවූ බවද මෙහි අධ්‍යක්ෂකවරයා සඳහන් කරනු ලබයි.