වික්‍රම්ගේ චිත්‍රපටයට ‘ගේම්ස් ඔෆ් ත්‍රෝන්ස්’ තාක්ෂණික ශිල්පියාව කුලියට ගනී
1944 වසරේදී ඉන්දියාවේ තිරගත වූ චිත්‍රපටයක් වන ‘මහාරාති කර්නා’ චිත්‍රපටය මූලික කර ගනිමින් නැවත නිෂ්පාදනය කිරීමට සූදානම් වන චිත්‍රපටයක් සඳහා විශාල වියදමක් දැරීමට දමිළ සිනමාව සූදානම් බව ඉන්දියානු මාධ්‍ය සඳහන් කරයි. මෙහි ප්‍රධාන චරිතය සඳහා තෝරාගෙන ඇත්තේ දමිළ නළු වික්‍රම්ය. මෙම චිත්‍රපටයේ තාක්ෂණික කොටස වෙනුවෙන් ‘ග්‍රේම්ස් ඔෆ් ත්‍රෝන්ස්’ කතාමාලාවේ තාක්ෂණික ශිල්පියාව කුලියට ගෙන ඇති බවද සඳහන්වේ. මෙම චිත්‍රපටය වෙනුවෙන් ඉන්දියානු කෝටි 300ක වියදමක් දැරීමට සූදානම් බව ඉන්දියානු මාධ්‍ය සඳහන් කරයි. මේ වනවිට වැඩිම වියදමක් දරා නිෂ්පාදනය කර ඇති චිත්‍රපටය වන්නේ ‘බාහුබලී’ චිත්‍රපටයයි. එහි වියදම වන්නේ ඉන්දියානු කෝටි 250කි.