වික්‍රම්ගේ අලුත් චිත්‍රපටය මිලියනයක් 12ක් බලලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-07-08-ent-781

ජනප්‍රිය දකුණු ඉන්දීය සිනමා නළු වික්‍රම් මේ වසරේ සිය සිනමා ප්‍රේක්ෂයන් මුණ ගැසෙන පළමු හා එකම චිත්‍රපටය වන ‘කඩාරාම් කන්ඩේ’ චිත්‍රපටය පසුගිය ජූලි 19 වැනිදා ප්‍රදර්ශනය ආරම්භ විය. චිත්‍රපටය ප්‍රදර්ශනය වීමට පෙර එහි ප්‍රචාරක පටය ජුලි 15 වැනිදා නිකුත් කළ අතර, එය දින දෙකක් තුළදී මිලියන 12කට ආසන්න ප්‍රමාණයක් නරඹා තිබුණ බව වාර්තා වේ.

මෙහි වික්‍රම් සමගින් කමල් හසන්ගේ බාල දියණිය වූ අක්ෂරා හසන් ප්‍රධාන චරිත නිරූපණය කර තිබේ. වික්‍රම් අවසන් වරට සිය රසික පිරිස් මුණ ගැසුණේ පසුගිය වසරේ ‘Saamy Square‘ චිත්‍රපටයේය. එය වික්‍රම් කාලයකට පසු රංගනයෙන් දායක වූ අසාර්ථක චිත්‍රපටයක් විය.