'වික්‍රම වෙදා' බොලිවුඩ් චිත්‍රපටයක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-03-23-ent-122

පසුගිය වසරේ අතිශය ජනප්‍රිය වූ දමිල චිත්‍රපටයක් වන ‘වික්‍රම වෙදා’ බොලිවුඩ් චිත්‍රපටයක් ලෙස නිර්මාණය කරන්නට අනිල් ඩී අම්බානි සූදානම් වන බව වාර්තා වේ. මේ සඳහා මේ වනවිට නළුවන් කිහිප දෙනෙකුගේම නම් යෝජනා වී තිබුණෙ අතර, චිත්‍රපටයේ වැඩ කටයුතු එළැඹෙන ජුනි මාසයේදී ආරම්භ කිරීමට නියමිතව ඇති බව සඳහන් වේ.

‘වික්‍රම් වෙදා’ දමිල චිත්‍රපටයේ මාධවන් හා විජේ සේදුපති රංගනයෙන් දායක වූ අතර, එම චරිත සඳහා ෂාරුක් හා අමිර්, ෂාහිඩ් හා රන්වීර්, ආක්ෂේ හා රිතික්, වරූන් හා අර්ජූන් යන නළුවන්ගේ නම් යෝජාන වී ඇත. කෙසේ වෙතත්, මේ වනවිට අනිල් ඩී. අම්බානිගේ වැඩි කැමැත්ත යොමුව ඇත්තේ ෂාරුක් හා අමිර්ට හා ආක්ෂේ හා රිතික් යන නළුවන්ටය. කෙසේ වෙතත්, මේ සඳහා එක්වෙන නිළියන් පිළිබඳව තවමත් නිල වශයෙන් ප්‍රකාශයන් කොට නොමැති බව සඳහන් වේ.