වැඩිම වියදමක් දරා නිපදවූ චීනයේ ‘අසුර’ සිනමාපටය තිරගත කිරීම නැවතුනේ ඇයි?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

චීනය තුළ එතෙක් මෙතෙක් වැඩිම වියදමක් දරමින් නිෂ්පාදනය කෙරුණු සිනමාපටය වන ‘අසුර’ සිනමාපටය පසුගියදා තිරගත කිරීම ඇරඹුවත්, දින තුනක් තුළදී එය සිනමාශාලාවලින් ඉවත් කරගැනීමට එහි නිෂ්පාදකයන් පියවර ගත්තේය. ඒ සඳහා කර්මාන්තයේ පවතින අක්ර මවත්භාවය සහ සිනමාපටයේ පවතින දුර්වලතාද හේතුවක් වී ඇතැයි විවිධ පිරිස් සඳහන් කර සිටියි.

20180720Asura-1

චීන යුආන් මිලියන 750ක් හෙවත් එක්සත් ජනපද ඩොලර් මිලියන 110 ක වියදමක් දරා සිදුකළ මෙම සිනමාපට නිෂ්පාදනය මෙලෙස ඉවත් කිරීම තවමත් ගැටලුවක් බවට පත්ව ඇති කරුණකි. එහෙත් සිනමපටය වෙත මුදල් ආයෝජනය කළ කිසිදු සමාගමක් හෝ පුද්ගලයෙකු ඊට පැහැදිලි හේතුවක් දක්වා තිබුණේ නැත. මේ අතරම එහි නිෂ්පාදකයන් වන සෙන්ජිආන් ෆිල්ම් ස්ටුඩියෝ සහ නින්ග්ෂියා ෆිල්ම් ගෘප් යන සමාගම් මේ තීරණය සම්බන්ධයෙන් සිය හවුල්කරුවන්ගෙන් සහ ප්රේ්ක්ෂකයන්ගෙන් සමාව ඉල්ලා තිබේ.

බෞද්ධ පුරාවෘත්තවල සඳහන් සුර අසුර යුද්ධය තේමා කරගනිමින් නිපදවුණු මෙම ‘අසුර’ සිනමාපටය හොලිවුඩයේ නිෂ්පාදනය කෙරුණු සුප්ර සිද්ධ ‘ගේම් ඔෆ් ත්රෝලන්ස්’ සිනමාපටය ආදර්ශයට ගනිමින් නිර්මාණය කරවූවක් විය. එහිදී සිනමාපට තුනකින් යුත් ප්ර බන්ධ කතාමාලාවක් ලෙස මෙය ඉදිරිපත් කිරීමටද නිෂ්පාදකයන් සූදානමින් සිටියේය. විශේෂයෙන්ම චීනයේ සුප්ර සිද්ධ මෙන්ම සම්මානලාභී නළු නිළියන් රැසක්ම මේ සඳහා රංගනයෙන් දායකත්වය ලබාදී තිබුණි.

චීන මාධ්යද සඳහන් කරන ආකාරයට සිනමාපය ඉවත් කිරීම සම්බන්ධ ප්රනධානම හේතුව වන්නේ එරට සිනමා වෙළෙඳ පොළ තුළ පවතින අක්රාමවත් තරගකාරී භාවයයි. එය තිරගත කෙරුණු පළමු සති අන්තය තුළදී ඩොලර් 750,000 ක මුදලක් පමණක් උපයා ගැනීම එය සනාථ කරවන්නකි. එහෙත් ඊට පෙර සතියේදී ප්රරදර්ශනය ඇරඹුණු ‘ඩයින්ග් ටු සර්වයිව්’ සිනමාපටය පළමු සතියේදී පමණක් එක්සත් ජනපද ඩොලර් මිලියන 19ක ආදායමක් ඉපැයීය. එසේම එම කාලසීමාවේදීම තිරගතවුණු ‘හිඩ්න් මෑන්’ නම් සිනමාපටය පළමු දින තුනේදී පමණක් එක්සත් ජනපද ඩොලර් මිලියන 46.71 ක ආදායමක් ලැබීමට සමත් ව තිබුණි

20180720Asura-2

එසේම සිනමා නිර්මාණ වර්ගීකරණය කරනු ලබන සුප්රමසිද්ධ වෙබ් අඩවි තුළදී ‘අසුර’ සිනමාපටය අවතක්සේරු කරමින් ලකුණු ලබාදීමක්ද සිදුවුණු බව වාර්තා පවසයි. එහිදී මාඕයාන් නම් වෙබ් අඩවිය තුළ අසුර වෙත හිමිව තිබුණේ ලකුණු 10න් 4.9 ක් පමණකි. ඩොයුබාන්.කොම් හිදී එය 3.1ක් විය. එහෙත් එම කාලසීමාවේදීම තිරගතවූ ඉහත සඳහන් කළ ‘ඩයින්ග් ටු සර්වයිව්’ සහ ‘හිඩ්න් මෑන්’ යන සිනමාපට මඕයාන්හිසී සහ ඩොයුබාන්.කොම්හිදී පිළිවෙළින් 9.7 හා 7.4ක් සහ 8.9ක් හා 7.2 ක් ලෙස ලකුණු ලබා ගෙන තිබුණි.

තත්ත්වය මෙසේ පවතිද්දී ‘අසුර’ සිනමාපටය සම්බන්ධයෙන් බොහෝ චීන සිනමා විචාරකයන් නිර්දය විවේචනද ඉදිරිපත් කර තිබුණි. ඇතැම් පිරිස් සමාජමාධ්ය් හරහාද මේ අදහස් දැක්වීම් ඉදිරිපත් කිරීමට පියවර ගත්තේය. ඒ අතරින් චීන සිනමා විචාරකයෙකු වන මා බොයොන්ග්, මෙය ‘හොඳින් නිර්මාණය කළ නරග සිනමාපටයක්’ ලෙස හඳුන්වා දී ඇත. 

"සිනමාපටයේ ඇඳුම්වල ඉඳන් එහි පසුබිම් දක්වාම ඉතාමත් අවලස්සන තත්ත්වයක් දකිනවා. එතැනදී බටහිර, චීන, මැදි-ආසියානු, ඉන්දියානු සහ යුරෝපියානු වැනි එකිනෙකට වෙනස් විවිධ හැඩයන් සියල්ලම වාගේ එහි ඇතුළත් වීම හේතුවයි."  ඔහු පවසා සිටියි.

කෙසේ වෙතත් යම් යම් වෙනස්කම්ද සමගින් ඉදිරියේදී මෙම අසුර සිනමාපටය යළිත්වරක් සිනමාශාලා තුළ තිරගත කිරීම අරඹන බව එහි නිෂ්පාදකයෝ පවසා සිටිති. 

20180720Asura-3 20180720Asura-4