වැඩිම ලාභයක් ලබපු බොලිවුඩ් චිත්‍රපටය
මේ වසරේ මේ දක්වා තිරගත වූ බොලිවුඩ් චිත්‍රපට අතරින් ඉහළම ලාභයක් ලැබූ බොලිවුඩ් චිත්‍රපටය බවට පත්ව ඇත්තේ ආක්ෂේ කුමාර් හා භූමි පෙඩ්නෙකර් රංගනයෙන් දායක වූ ‘ටොයිලට් ඒක් ප්‍රේම් කතා’ චිත්‍රපටයයි. මේ වසරේ අගෝස්තු 11 වැනිදා තිරගත වූ මෙම චිත්‍රපටය තිරගත වූ කාල සීමාවේදී ඉන්දීය රුපියල් කෝටි 133ක මුදලක් ඉන්දියාවෙන් පමණක් උපයා ගෙන ඇත.
ඉන්දීය රුපියල් කෝටි 24ක වියදමින් තැනුණ මෙම චිත්‍රපටය ලාභ ලැබු ප්‍රතිශතය ලෙස සඳහන් වන්නේ 456.66’කි. මේ වනවිට ලොවපුරා ප්‍රදර්ශනය වෙමින් මෙම චිත්‍රපටය උපයාගෙන ඇති මුදල වන්නේ ඉන්දීය රුපියල් කෝටි 216ක මුදලකි. මේ වසරේ ලාභ ලැබු බොලිවුඩ් චිත්‍රපට ලැයිස්තුවේ ලාභ ප්‍රතිශතය 400’ සීමාව ඉක්මවා ඇති එකම චිත්‍රපටය වන්නේද මෙම’ටොයිලට් ඒක් ප්‍රේම් කතා’ චිත්‍රපටය බව සඳහන් වේ. මෙම චිත්‍රපටයට පසුව ඉහළම ලාභයක් ලබා ඇත්තේ ඉර්ෆාන් ඛාන් රඟපෑ ‘හින්දි මිඩියම්’ චිත්‍රපටයයි. එහි ලාභ ලැබූ ප්‍රතිශතය වන්නේ 213.63’