වැඩිම නිර්දේශයන් අතරට ‘පද්මාවත්’
මාර්තු 23 වැනිදා පැවැත්වෙන් 64 වැනි ‘ෆිල්ම් ෆෙයාර්’ සම්මාන උළලේ නිර්දේශයන් පසුගියදා ප්රකාශයට පත් කර තිබුණි. ඒ අතරින් සම්මාන වැඩි ප්රමාණයක් සඳහා නිර්දේශ වී තිබුණේ සංජය ලීලා බන්සාලි අධ්යක්ෂණය කරනු ලැබු ‘පද්මාවත්’ චිත්රපටයයි. හොඳම චිත්රපටය, හොඳම අධ්යක්ෂක, හොඳම නළුවා හා හොඳම නිළිය ඇතුළු සම්මාන 17ක් සඳහා ‘පද්මාවත්’ චිත්රපටය නිර්දේශ වී තිබුණි. මෙහි විශේෂත්වය වන්නේ හොඳම සහය නළුවාට ෂාහිඩ් කපූර්ව නිර්දේශ නොවී ‘පද්මාවත්’ චිත්රපටයේ රඟපෑ ජිම් සව්රබ් නිර්දේශ වී තිබීමය.