වැඩ නැති සනීට වැඩක්
පසුගිය කාලයේ ඉන්දීය සිනමා නිර්මාණවලින් ඈත්ව සිටි සනී ලියොන් මේ දිනවල දකුණු ඉන්දීය චිත්රපටයක් සඳහා සම්බන්ධ වී සිටින බවට තොරතුරු ලැබේ. සිය දියණිය ‘නිෂා’ පෙර පාසල් යාමත් සමග වැඩි අධික වීම හේතුවෙන් කලා කටයුතුවලින් තාවකාලිව සමුගත් සනි ලියොන් නැවතත් ඉන්දීය සිනමාවට එක්වීම ඇයට ආදරය කරන බොහෝ දෙනෙකුට සතුට දනවන කාරණයක් වී ඇත.
පසුගිය වසරේ තිරගත වූ ‘තෙරේ ඉන්තසාර්’ චිත්රපටයේ අවසන් වරට රඟපෑ සනී මාස 8කට ආසන්න කාලයක් සිනමා නිර්මාණවලින් තාවකාලිව ඉවත් විය. මේ දිනවල සනී ‘වීරාමාදේව්’ නම් දකුණු ඉන්දීය චිත්රපටයේ රූපගත කිරීම් කටයුතු සඳහා සම්බන්ධව සිටින අතර, එය ඇයගේ පළමු දකුණු ඉන්දීය චිත්රපටයද වීම විශේෂත්වයකි.