වැඩ දාද්දි ප්‍රියංකා බිම



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20170119Priyanka-1vප්‍රියංකා චොප්රා බොලිවුඩය කැළඹූ දක්ෂ වගේම සරාගී නිළියක්. මේ දිනවල ජනප්‍රිය අමෙරිකානු ටෙලි නාට්‍ය මාලාවක් වන Quantico හි රඟපෑමට එක්ව සිටි ඇය ඉකුත් සතියේ නොසිතූ ඇබැද්දියකට මුහුණ දුන්නා.  ඒ රෑගත කිරීම් අතරතුර ඈ පය ලිස්සා යාම නිසායි. අනතුරෙන් හිසට සිදුවුණු තුවාල නිසා වහාම ඇයව රෝහල් ගත කිරීමටත් දර්ශන තලයේ සිටි පිරිසට සිදුවුණා.

මේ අනතුර සිද්ධවෙලා තියෙන්නේ තමන් විසින් රඟ දැක්විය යුතු ත්‍රාසජනක අවස්ථා නිරූපණයකදීයි. ප්‍රියංකා චොප්රාගේ විශේෂත්වයක් තමයි තමන් රඟපාන කුමන නිර්මාණයකදී වුණත් ත්‍රාසජනක දර්ශන තමා විසින්ම රඟ දැක්වීමට ඇය දක්වන කැමැත්ත. වරක් Women's Health සඟරාව සමඟ තිබුණු සාකච්ඡාවකදී ඇය මේ බව කියා තිබුණා.

“මම නිරත වන ත්‍රාසජනක චරිත නිරෑපණ මා විසින්ම රඟපෑ යුතුය කියන අදහස මා තුළ තිබෙනවා. ඒ නිසාම මම ශරීරයට ලොකු අවධානයක් දෙනවා. හැබැයි මම කිසිවිටෙකත් ශරීරය කියන දේ අහන්නෙ නෑ, මම කියන දේ අහන්න ශරීරය පොළඹවනවා” ඇය කියා තිබුණා.

කොහොම නමුත් මේ වෙද්දී නම් ප්‍රියංකා සම්පූර්ණයෙන්ම සුව අතට හැරිලා කියලා තමයි දැනගන්න ලැබෙන්නෙ. රෝහල් ගත කෙරැණත් බොහොම පුංචි තුවාලයක් තමයි ඇයට වෙලා තියෙන බවට ආරංචි වෙන්නෙ. හැබැයි ඇයට දින කිහිපයක්ම විවේක ගන්නා ලෙස වෛද්‍ය උපදෙස් හිමිවෙලා නිසා මේ සිද්ධියෙන් Quantico හි රෑගත කිරීම්වලට නම් බාධාවක් තමයිවෙලා තියෙන්නෙ.

මේ සිද්ධියෙන් පස්සේ ඉන්දියාවේ වගේම ලොව වටාම විසිරිලා ඉන්න ප්‍රියංකාගේ රසික රසිකාවියන් ගොඩක් දුකට පත්වෙලා තිබුණා. ෆේස්බුක්, ට්විටර් වගේ සමාජ ජාලා හරහා ඇයගේ තත්ත්වය විමසමින් දහස් ගණනක් පණිවුඩ යවා තිබුණා. රෝහලෙන් පිටවී නිවසට ආ පසු තමන්ගේ රසික රසිකාවියන්ගෙන් ලැබුණු ආශීර්වාදවලට ස්තූති කරන්නත් ප්‍රියංකා අමතක කළේ නැහැ. ට්විටර් හරහා ඇය ඒ හැමදෙනාටම ස්තූති කරලා තිබුණා.

ප්‍රියංකාගේ දක්ෂතාව නිසාම ඇයට 2015දී තමයි මේ අමෙරිකානු ABC නාලිකාවේ විකාශය වන Quantico ටෙලි නාට්‍යය සඳහා ආරාධනා ලැබුණේ. මේ ටෙලිනාට්‍ය අමෙරිකාවට එල්ලවන ත්‍රස්ත තර්ජන ගැනත් ඒවා වැළැක්වීමට හා ත්‍රස්තවාදීන් සොයා යාමට ක්‍රියාකරන FBI නිලධාරීන් කිහිපදෙනෙකු වටාත් ගෙතී තිබෙන්නක්.

ප්‍රියංකා මේ ටෙලි කතා මාලාවේ නිරෑපණය කරන්නේ ඇලෙක්ස් පැරිෂ් නම් දක්ෂ FBI නිලධාරිනියගේ චරිතයයි. නමුත් අමෙරිකාවට එල්ල වන ත්‍රස්ත ප්‍රහාරයකදී ඊට වගකිව යුතු බවට ඇලෙක්ස් දෙසට චෝදනා එල්ල වන නිසා ඇයට FBI ආයතනයෙන් සමුගන්න සිදුවෙනවා. ඉන්පස්සේ ඇය එක්වන්නේ CIA හෙවත් අමෙරිකානු රහස් බුද්ධි අංශ  සේවයට යි.

20170119Priyanka-2ඉතින් මේ ටෙලි කතා මාලාවේ ස්වභාවය නිසා නිරන්තරයෙන්ම ත්‍රාසජනක ක්‍රියාකාරකම්, සටන් ආදියේ නිරත වීමට සිදුවෙනවා. ප්‍රියංකාට මේ කරදරය වුණෙත් එවැනි දර්ශනයකදීයි.

කොහොම නමුත් ඇලෙක්ස්ගේ චරිතය සාර්ථකව නිරූපණය කිරීම නිසා ප්‍රියංකා මේ වෙද්දි අමෙරිකාවේත් ජනප්‍රිය නිළියක් බවට පත්වෙලා. ඇමරිකාවේ BuddyTV වෙතින් 2015 ශීත කාලයේ පැවැති ටෙලි කතාමාලා අතුරින් හොඳම චරිත නිරෑපණය ලෙසත් ඇලෙක්ස් පැරිෂ් වෙනුවෙන් ප්‍රියංකා ගෞරවයට පත්වුණා. ඒ විතරක් නෙමෙයි, අමෙරිකානු People's Choice Award උළෙලේදී ජනප්‍රියම රංගන ශිල්පිනිය ලෙස ඇය තේරැණා. එවැනි සම්මානයක් දකුණු ආසියාතික නිළියකට ලැබුණෙත් ඉතිහාසයේ පළමු වරටයි.

මේ වසරේදී නිර්මාණය කෙරෙන හොලිවුඩ් සිනමා පටයක් වන Baywatch සඳහාත් ඇයව තෝරාගෙන තිබෙනවා.