වාසියට හරවා ගන්නා ඛේදවාචක
පසු ගියදා උත්තර් ප්‍රදේශ්හි ආලිගාර් නගරයේ සිදු වූ මිනී මැරුමකින් මුළුමහත් ඉන්දියාවම කම්පනයටත්, ශෝකයටත් කෝපයටත් පත් වී තිබේ. මෙයට හේතුව මේ ඛේදවාචකයට ගොදුරු වී ඇත්තේ අවුරුදු දෙක හමාරක ළදැරියක වීමය. ඇය අතුරුදන් වී දින කිහිපයකට පසුව සළුවකින් ගෙල සිර කර මරා දමන ලද ඇගේ සිරුර කුණු බාල්දියක තිබී හමු වූයේය. ඒ වන විට බෙහෙවින් නරක් වී දුග`ද හමමින් තිබූ සිරුරේ ඇස් පවා ගැලවී තිබිණි. සත්තකින්ම එය හදවතක් ඇති අයෙකුට බලන්නට පුළුවන් දසුනක් නොවිණි.
මේ මිනී මැරුමට සැක පිට අත් අඩංගුවට ගෙන ඇත්තේ සාහිඞ් නමැත්තෙකු හා ඔහුගේ මිතුරාය. ට්වින්කල් ශර්මා නම් වූ මෙම ළදැරියගේ පියා බන්වරි ලාල් ශර්මා, සැකකරුගෙන් රුපියල් දසදහසක් ණයට ගෙන තිබේ. එය ඉල්ලන්නට ගිය විට ඔවුන් දෙදෙනා අතර රණ්ඩුවක් ඇති වූයේය.
‘‘බලාගෙන හිටපන්කො උඹට මම උගන්නන පාඩම මොකක්ද කියලා..’’
සාහිඞ් පිට වී ගොස් ඇත්තේ ලාල් ශර්මාට එසේ තරවටු කිරීමෙන් අනතුරුවය. ගැටුමකින් අනතුරුව ඕනෑම අයෙකු එසේ තරවටු කිරීම සාමාන්‍ය දෙයක් බැවින් ශර්මා එය ගණනකට ගෙන නැත. ඔහුට තරු පෙනුණේ පසුදා සිය සි`ගිති දියණිය අතුරුදන් වූ කලය. පොලීසියට පැමිණිලි කළත් ඔවුන් ඇය සොයන්නට වෙහෙසුණ බවක් නොපෙනුණේයයි ගම්වාසීහු චෝදනා කරති. ඔවුහු නගරයේ කඩසාප්පු වසා දමා පොලීසිය ඉදිරිපිට උද්ඝෝෂණය කළේ සාධාරණව නීතිය ඉටු නොකරන්නේ නම් මේ සිද්ධිය වෙනත් පොලිස් ස්ථානයකට බාර දෙන ලෙස ඉල්ලමිනි.
තමා විස්කෝතු දී ළදැරිය රවටාගෙන පැහැර ගත් බවත්, ගෙල මිරිකා ඇය මරා දැමූ බවත් සැකකරු පිළි ගෙන තිබේ. ඔහු මළ සිරුර ගෝනියක දමා දින තුනක්ම සිය නිවසේ තබාගෙන සිටියේය. එය කුණු බාල්දියකට ගෙන ගොස් දමා ඇත්තේ දුග`ද හමන්නට පටන් ගත් කලය.
මේ සිද්ධිය අසා සන්තාපයට පත් බොහෝ බොලිවුඞ් නළුනිළියෝ එය හෙළා දකිමින් සහ මිනීමරුවාට උපරිම ද`ඩුවම් දෙන ලෙස ඉල්ලමින් සමාජ වෙබ් අඩවිවලට ප්‍රකාශ නිකුත් කර තිබිණි. එහෙත් චිත්‍රපටි අධ්යක්ෂ හන්සාල් මෙහෙතා කියන්නේ මේ සිද්ධිය දඩමීමා කරගෙන සිය ජනපි‍්‍රයත්වය වෙනුවෙන්් ප්‍රකාශ නිකුත් කිරීමෙන් නළුනිළියන් වැළකී සිටිය යුතු බවය.
‘‘මේක මුළුමහත් සමාජය විසින්ම හෙළා දැකිය යුතු සිද්ධියක්.. ඒ වගේම සැකකරුට උපරිම ද`ඩුවම් ලබා දිය යුතුයි.. ඒත් මේ දැරිය වෙනුවෙන් බව කියමින් තමන්ගෙ ප්‍රතිරූපය පුම්බා ගැනීමේ අරමුණින් නිකුත් කරන ප්‍රකාශ මම හෙළා දකිනවා..’’ ඔහු කියන්නේය.
හන්සාල් මෙහෙතාගේ මෙම ප්‍රකාශය බොලිවුඩය තුළ විවාදයට තුඩු දී තිබේ.