වාසනාවන්තම නිළිය භූමිකා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-09-13-ent-67

බොලිවුඩයේ වාසනාවන්තම නිළිය බවට භූමිකා පෙඩ්නේකර් පත්ව සිටියි. සිනමා විචාරකයන් පවසන්නේ භූමිකා දැනට රංගනයෙන් දායක වූ චිත්‍රපට තුනම ඉතා ඉහළ සාර්ථකත්වයක් හිමිකරගෙන ඇති බවයි. 2015 වසරේ ඇය බොලිවුඩ් සිනමාවට පිවිසි පළමු චිත්‍රපටය වූ ‘ඩූම් ලගා කේ හසීනා’ චිත්‍රපටය බොක්ස් ඔෆිස් ආදායම් වාර්තා බිඳ දැමු චිත්‍රපටයක් බවට පත් විය. ඉන්දීය රුපියල් කෝටි 9ක වියදමකින් තැනුණ මෙම චිත්‍රපටය තිරගත වූ කාල සීමාවේදී උපයාගත් මුදල ඉන්දීය රුපියල් කෝටි 31කි.

භූමිකා දෙවැනි වරට රංගනයෙන් දායක වූ ‘ටොයිලට් ඒක් ප්‍රේම් කතා’ චිත්‍රපටය උපයාගත් මුදල ඉන්දීය රුපියල් කෝටි 215ක් වන අතර, එය නිර්මාණය කිරීමට වැය ව තිබුණේ ඉන්දීය රුපියල් කෝටි 18ක් වැනි අවම මුදලකි.මේ අතර දැනට ප්‍රදර්ශනය වෙමින් පවතින ‘සුබ් මංගල් සාවධාන්’ චිත්‍රපටය ද ලාභ ලැබූ චිත්‍රපටයකි. මෙම චිත්‍රපටය මේ දක්වා ඉන්දීය රුපියල් කෝටි 40ක මුදලක් උපයාගෙන ඇති අතර ඒ සඳහා වැයව ඇති මුදල ඉන්දීය රුපියල් කෝටි 10කි.