වාර්ෂික ධනවතුන් ලැයිස්තුව
වාර්ෂිකව ෆෝබ්ස් සඟරාව විසින් ප්රකාශයට පත් කරන වාර්ෂික ලොව ධනවත්ම නළුවන් දස දෙනා අතරට පැමිණීමට බොලිවුඩ් සිනමා නළුවන් වූ ෂාරුක් ඛාන්, සල්මාන් ඛාන් හා ආක්ෂේ කුමාර් සමත්ව තිබෙනවා. ෂාරුක් ඛාන් මෙම ලැයිස්තුවේ අටවැනි තැනට පත්ව ඇත්තේ ඇමෙරිකානු ඩොලර් මිලියන 38ක ආදායමක් වාර්ෂික උපයා ගැනීම හරහායි.
නමවැනි තැනට සුපිරි නළු සල්මාන් ඛාන් පත්ව ඇති අතර, ඔහුගේ වාර්ෂික උපයා ගැනීම ඇමෙරිකානු ඩොලර් මිලියන 37.5ක මුදලකි. දසවැනි තැනට ආක්ෂේ කුමාර් පත්ව තිබෙන අතර, ඔහුගේ වාර්ෂික උපයා ගැනීම ඇමෙරිකානු ඩොලර් මිලියන 35කි. කෙසේ වෙතත්, මෙම ලැයිස්තුවේ පළමු දස දෙනා අතරට පැමිණිමට සුපිරි නළු අමිර් ඛාන් අසමත්ව තිබීම බොහෝ දෙනෙකුට පුදුමය දනවන්නක්වී තිබෙනවා. මන්දයත්, ඔහුගේ ‘දංගල්‘ හා ‘පිකේ‘ චිත්රපට දේකම ඉන්දියාවේ වැඩිම මුදලක් උපයාගත් චිත්රපට බවට පත්ව තිබීමයි.