වාර්ෂික ධනවතුන් අතරට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2016-12-27-ent-09

"ෆෝබ්ස්" සඟරාව මගින් වාර්ෂිකව ප්‍රකාශයට පත් කළ නිමාව දකින මේ වසරේ ධනවත්ම තරු අතරට එක්වීමට බොලිවුඩයේ සුපිරි නළුවන් දෙදෙනෙකුට හැකියාව ලැබී ඇත. ඒ ෂාරුක් ඛාන් හා ආක්ෂේ කුමාර් දෙදෙනාය. ෂාරුක්ට මෙම ලැයිස්තුවේ 86 වැනි තැන හිමිව තිබෙන අතර, ඔහු වාර්ෂික ඉපැයූ මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 33ක් බව සඳහන් වේ.

ආක්ෂේ කුමාර් මෙම ලැයිස්තුවේ 94 වැනි තැනට පත්ව තිබෙන අතර, ඔහුගේ වාර්ෂික උපයා ගැනීම ඇමෙරිකානු ඩොලර් මිලියන 31.5කි. කෙසේ වෙතත්, පසුගිය වසරේ අතිසාර්ථක වූ "සුල්තාන්" චිත්‍රපටයේ රඟපෑ සල්මාන් ඛාන් මෙම ලැයිස්තුවේ ස්ථානයක් හිමිකර ගැනීමට අපොහොසත් වීම කාගෙත් කතා බහට ලක්වූ කාරණයක් බවට පත්ව ඇත.

මෙම ලැයිස්තුවේ පළමු දැන හිමිව ඇත්තේ හොලිවුඩ් ගායිකා ටේලර් ස්විෆ්ටය. ඇයගේ වාර්ෂික උපයා ගැනීම ඇමෙරිකානු ඩොලර් මිලියන 170කි.