වාණිජ සිනමාව තුළින් මිනිස්සුන්ගේ දැක්ම වෙනස් කරන්න බැහැලු
බොලිවුඩ් සිනමාවේ ප්‍රවීණ රංගන ශිල්පියෙකු වන ආක්ෂේ කුමාර් විසින් පසුගියදා සම්මුඛ සාකච්ඡාවේදී පැවසු දෙයක් මේ වනවිට අන්තර්ජාලය ඔස්සේ හුවමාරු වෙමින් පවතියි. ඒ වාණිජ සිනමා නිර්මාණ තුළින් රසිකයන්ගේ දැක්ම වෙනස් කිරීමට නොහැකි බවයි. එම හේතුවෙන් වාර්තාමය චිත්‍රපට ඔස්සේ යම් වෙනසක් සිදුකිරීමට හැකි බවයි ආක්ෂේ සිය අදහස් දක්වමින් පවසා තිබේ.
එම හේතුවෙන් ඔහු දායක වූ ‘ටොයිලට් : ඒක් ප්‍රේම් කතා සහ ‘පෑඩ් මෑන්’ වැනි චිත්‍රපට ඉන්දියානු සිනමාවේ මෙන්ම විදෙස් රටවලද විශාල කතාබහට ලක්වූ චිත්‍රපට දෙකකි. ‘ටොයිලට් : ඒක් ප්‍රේම් කතා’ ඔස්සේ ඉන්දියාවේ ඇති වැසිකිළි සම්බන්ධව ඇති ප්‍රශ්නය ගෙන හැර දැක්වූ අතර, එම චිත්‍රපටයට ලෝක කෝටිපතියෙකු වන බිල්ගේට්ස් විසින්ද ප්‍රංශසා එක්කර තිබුණි. මේ කාරණා හේතුවෙන් ඉදිරියේදී එවැනි චිත්‍රපට ඔස්සේ තමන්ගේ රංගනය දැකගැනීමට බොහෝ සෙයින් ඉඩප්‍රස්තාව ඇති බවත් ආක්ෂේ සඳහන් කරයි.