වසරේ වැඩිම ආදායමක් ලැබූ නිළිය 'එමා ස්ටෝන්'



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-10-12-ent-142

හොලිවුඩය යනු මේ වන විට ලෝකයේ වැඩිම නිර්මාණ ප්‍රමාණයක් බිහිවන කර්මාන්තය බව බොහෝදෙනා හඳුන්වනු ලබයි. එවැනි කර්මාන්තයක් තුළ වසරකට එළිදක්වන චිත්‍රපට ප්‍රමාණය කොපමණක්ද යන්න බොහෝදෙනෙකු නිගමනය කරනු ලබයි. 2017 වසර අවසානයට කෙමෙන් කෙමෙන් ළං වුවත් තවත් එළිදැක්වීමට චිත්‍රපට බොහෝ ප්‍රමාණයක් ඇත. මෙම වසරේ චිත්‍රපට බොහෝ ප්‍රමාණයක් එළිදැක්වුවත්, ඒ සඳහා රංගනයෙන් දායක වන රංගන ශිල්පීන්ගේ ආදායමේ අඩුවක් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. එයට හේතුව ඔවුන්ගේ අයකිරීමේ අඩු බවයි. කෙසේවුවත් ලොව සුප්‍රසිද්ධ සඟරාවක් වන ෆෝබ්ස් සගරාව විසින් මෙම වසරේ මේ වන විට වැඩිම ආදායමක් ඉපැයූ හොලිවුඩ් තරු කිහිපයක් නම්කර තිබේ. පසුගිය වසරට සාපේක්ෂව මෙවර ආදායම් ඉපෑයූ තරු වෙනස් වී තිබේ. පසුගිය වසරේ වැඩියම ආදායම වූයේ ඇමෙරිකානු ඩොලර් මිලියන 46 කි. මේ වන විට මෙම වසරේ වැඩිම ආදායම ලෙස සඳහන් වන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන 26 කි.

මෙම වසරේ වැඩිම ආදායමක් ලැබූ නිළිය ලෙස ෆෝබ්ස් සඟරාව සඳහන්නේ කරන්නේ එමා ස්ටෝන්ය. ඇය 2017 වසරේ මේ වන විට ඇමෙරිකානු ඩොලර් 26ක ආදායමක් උපයා ඇති බවයි සඳහන් වන්නේ. මේ වන විට 26 වැනි වියේ පසුවන ඇය ඔස්කාර් සම්මානලාභී නිළියකි. ඒ පසුගිය වසරේ තිරගත වූ ‘ලා ලා ලෑන්ඩ්’ චිත්‍රපට හේතුවෙනි. මෙම වසරේ මෙවැනි ආදායමක් ලැබීමට හේතු වූයේ එක් චිත්‍රපටයකි. ඒ ‘බැට්ල් ඔෆ් ද සෙක්ස්’ චිත්‍රපටයයි. මෙම චිත්‍රපටයත් මෙම වසරේ ආදායම් අතරට පැමිණි චිත්‍රපටයක් ලෙස හැඳින්විය හැකිය.

මෙහි දෙවැනි තැන හිමිවන්නේ ජෙනිෆර් ඇන්ස්ටන් හටය. ඇය මෙම වසරේ ඇමෙරිකානු ඩොලර් මිලියන 25.5ක ආදායමක් උපයා ඇති බවයි සඳහන් වන්නේ. ඒ ‘ද යෙලෝ බර්ඩ්ස්’ නම් චිත්‍රපටය ඔස්සේය. ඇයත් මෙම වසරේ එක් චිත්‍රපටයක් සඳහා දායක වුණි. තෙවැනි ස්ථානය ජෙනිෆර් ලෝරන්ස් හට හිමිව තිබේ. ඇය ඇමෙරිකානු ඩොලර් 24 ක ආදායමක් උපයා තිබේ. හතරවැනි ස්ථානය මෙලිස්සා මැක්කර්ති ඇමෙරිකානු ඩොලර් 18 ක ආදායමක් උපයමින් ලබාගෙන තිබේ. මිලා කූනිස් ඇමෙරිකානු ඩොලර් 15.5 ක ආදායමක්ද, එමා වොට්සන් ඇමෙරිකානු ඩොලර් 14 ක ආදායමක්ද උපයා ඇති බව ෆෝබ්ස් සඟරාව සඳහන් කරයි. මෙලෙස ආදායම් අතින් ඉදිරියෙන් සිටින රංගන ශිල්පීන් පිළිබඳව හෙළිකිරීම වසරක් පාසා සිදුකරනු ලබයි. මේ වන විට හොලිවුඩයේ චිත්‍රපට බොහෝමයක් එළිදැක්වුවත්, පසුගිය වසරට සාපේක්ෂව ආදායම් අතින් යම්කිසි පසුබෑමක පසුවන බවද සඳහන් වේ.

 

Dilan Chryshantha

 

2017-10-12-ent-143