වසරේ ගායකයා සම්මානය බීබර්ට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

‘පීපල්ස් එවෝඩ්’ සම්මාන උළලේදී වසරේ ගායකයා ලෙස සම්මාන දිනා ගැනීමට සමත් වූයේ ජනප්‍රිය ඇමෙරිකානු පොප් ගායක ජස්ටීන් බීබර්ය. ඔහු මේ වසරේ නිකුත් කළ ‘ඉන්ටර්නේෂන්’ හා ‘ස්ට්‍රාක් විත් යූ’ ගීත අතීශය ජනප්‍රිය වූ අතර, ඒ නිසාම ඔහුට මෙම සම්මානය හිමිවු බව වාර්තා වෙයි.

බීබර් සමග ‘ස්ට්‍රාක් විත් යූ’ ගීතය ගායනා කළ අරියානා ග්‍රැන්ඩේ වසරේ හොඳම ගායිකාව ලෙස සම්මානයට පාත්‍ර වීම විශේෂත්වයකි. බිබර් සමග ගායනා කළ ගීතයට අමතරව අරියානා, ලැඩි ගාගා සමග ‘රේන් ඔන් මී’ නමින් ගීතයක්ද මේ වසරේ නිකුත් කරනු ලැබීය. එම ගීත දෙකම ඉහළ ජනප්‍රියත්වයක් මේ වනවිට හිමිකර ගෙන සිටින බව සඳහන් වෙයි.

20201122Justin-1 20201122Justin-2