වසරේ අවසන් චිත්‍රපටය ‘ගුඩ් නිවුස්’



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-09-17-ent-848

මේ වසරේ බොලිවුඩයේ තිරගත වන අවසන් චිත්‍රපටය වී ඇත්තේ ආක්ෂේ, කරීනා හා කියාරා අද්වානි රංගනයෙන් දායක වන ‘ගුඩ් නිවුස්’ චිත්‍රපටයයි. අවස්ථා කිහිපයකදීම මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය වන දින ප්‍රකාශයට පත් වුවද නිෂ්පාදකවරුන් කිහිප දෙනෙකුගේ තිරණය මත අවසානයේ මෙම චිත්‍රපටය එළැඹෙන දෙසැම්බර් 27 වැනිදා ප්‍රදර්ශනය කිරීමට සූදානම් කර ඇත.

හාස්‍යමය චිත්‍රපටයක් ලෙස ලේබල් ගත කොට ඇති මෙම චිත්‍රපටය ආක්ෂේ කුමාර් සිය ප්‍රේක්ෂයන් මේ වසරේ හමුවන සිවුවැනි බොලිවුඩ් චිත්‍රපටය වේ. ‘කේසාරි’ හා ‘මිශන් මංගල්’ චිත්‍රපට මේ වනවිට ප්‍රදර්ශනය වී තිබෙන අතර, ඔක්තෝබර් 25 වැනිදා ‘හවුස්ෆුල්’ සිවුවැනි චිත්‍රපටය ප්‍රදර්ශනය වීමට නියමිතව ඇත.