වසරකට පසුව ගෝවින්දාගේ චිත්‍රපටයක්
80 දශකයේ බොලිවුඩයේ අතිශය ජනප්‍රිය නළුවෙකු වූ ගෝවින්දා රඟන අලුත්ම චිත්‍රපටයක් මැයි 25 වැනිදා ප්‍රදර්ශනය වීමට නියමිතය. ‘FryDay’ නම් වූ මෙම චිත්‍රපටය අභිෂේක් ඩොග්රාගේ අධ්‍යක්ෂණයකි. හාස්‍යමය චිත්‍රපටයක් ලෙස ලේබල් ගත කොට ඇති මෙම චිත්‍රපටය වරූන් ෂර්මා, සංජය මිස්රා වැන්නන්ද රංගනයෙන් දායක වෙයි.
ගෝවින්දා මෙම චිත්‍රපටයේ පෙනි සිටින්නේ පසුගිය වසරේ මාර්තු මාසයේ තිරගත වූ ‘අගායා හීරෝ’ චිත්‍රපටයෙන් අනතුරුවය. එම චිත්‍රපටය ගෝවින්දාගේම නිෂ්පාදනයක් වූ අතර, වියදම් කළ මුදලද එම චිත්‍රපටය තිරගත කිරිමෙන් සොයා ගැනීමට නොහැකි විය.
ගෝවින්දා අවසන් වරට රංගනයෙන් දායක වූ ‘ආගායා හීරෝ’, ‘හැෆි එඩින්ග්’ හා ‘කිල් දිල්’ චිත්‍රපට සියල්ලම අසාර්ථක විය. එම චිත්‍රපට සඳහා වියදම් කළ මුදලද චිත්‍රපටය ප්‍රදර්ශනය කිරිමෙන් සොයා ගත නොහැකි විය.