වසරක 11කට පසුව දකින පෙම්වතුන්
සංජය ලීලා බන්සාලිගේ ‘සවාරියා’ චිත්රපටය හරහ බොලිවුඩ් සිනමාවට පැමිණි සෝනම් කපූර් හා රන්බීර් කපූර් දෙදෙනා පෙනී සිටින චිත්රපටයක් එළැඹෙන ජුලි 11 වැනිදා ප්රදර්ශනය වීමට නියමිතව ඇත. ඒ රාජ්කුමාර් හිරුණි අධ්යක්ෂණය කළ ‘සංජු’ චිත්රපටය තුළිණි.
2007 වසරේ තිරගත වූ ‘සවාරියා’ චිත්රපටයෙන් පසුව වසර 11කට පසුව සෝනම් හා රන්බීර් බොලිවුඩ් චිත්රපටයක පෙම්වතුන් ලෙස පෙනී සිටිම ඔවුන්ට ආදරය කරන රසික, රසිකාවියන්ට විස්මය දනවන කාරණයක් වීද ඇත.
කාලයක් සැබෑ ජීවිතේද පෙම්වතුන් ලෙස කටයුතු කර ඇති සෝනම් හා රන්බීර් මේ නිසාම කාලයක් අමනාපයෙන්ද සිටි බවට තොරතුරු වාර්තා විය.