වසර හයකට පසුව බොලිවුඩයේ දකින අම්රිතා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-01-25-ent-54

ජනප්‍රිය චිත්‍රපට කිහිපයකම රඟපෑ අම්රිතා රාඕ වසර හයකට පසුව නැවතත් මේ වසරේ බොලිවුඩ් චිත්‍රපටයක දකින්නට ලැබේ. ඒ අබ්ජිත් පැන්සේගේ ‘Thackeray’ චිත්‍රපටයෙනි. අම්රිතා අවසන් වරට බොලිවුඩ් චිත්‍රපටයක දකින්නට ලැබුණේ 2013 වසරේදිය. ඒ ප්‍රකාශ් ජාගේ ‘Satyagraha’ චිත්‍රපටය තුළිනි. ‘Thackeray’ චිත්‍රපටයේ අම්රිතා සමගින් නව්සූදාන් සිද්ධික් රංගනයෙන් දායක වෙයි. විකිපිඩියා වෙබ් අඩවිය වාර්තා කරන්නේ ‘Thackeray’ චිත්‍රපටයට අමතරව අම්රිතාගේ තවත් බොලිවුඩ් චිත්‍රපට දෙකක් මේ වසරේදී තිරගත වීමට නියමිතය. අමිරිතා 2016 වසරේදී විවාහ වූ අතර, ඉන් පසුව ඇය බොලිවුඩ් සිනමාවට තාවකාලිව සමුදෙන්නට තිරණය කර තිබුණ බව වාර්තා විය.