වසර පහකින් වෙනස් වුණ භූමිගේ සිරුර
පෙබරවාරි මාසයේ නිකුත් වන ‘ෆැමිනා’ ඉන්දීය සඟරාවේ මෙවර මුල් කවරය සරසන්නේ ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිළි භූමී ෆෙඩ්නිකර්ය. මීට වසර පහකට පෙර ‘ඩුම් ලඟා කේ හසීනා’ චිත්‍රපටය හරහා බොලිවුඩ් සිනමාවට එක්වූ ඇය මේ වනවිට බොලිවුඩයේ සිටින ජනප්‍රිය යොවුන් නිළියන් අතර සිටින්නෙකි.
භූමී සිය ‘ටිවිටර්’ ගිණුමට ඇය ‘ෆැමිනා’ සඟරාවේ පෙනී සිටි ඡායාරූප කිහිපයක් එක්කොට අතර එහි සටහනක්ද තබා ඇත. ඇය එහි සටහන් කර ඇත්තේ තමා බොලිවුඩ් සිනමාවට පැමිණි අවස්ථාවේ හා වර්තමානයේ ඇයගේ සිරුරේ සිදුව ඇති වෙනස්කම් හිතාගන්නටද බැරි බවය.