වසර නමයකට පසුව සිනමා පෙම්වතුන් වෙයි
ලබන වසරේ මාර්තු 20 වැනිදා ප්‍රදර්ශනය වීමට සූදානම් කර ඇති රෝහිත් ෂෙට්ටිගේ ‘සූර්යවංශි’ චිත්‍රපටයේ අවසන් රූපගත කිරිම් කටයුතු මේ දිනවල මුම්බායිහි සිදුවෙමින් පවතින බවට තොරතුරු ලැබේ. ක්‍රියාදාම චිත්‍රපටයක් ලෙස නිර්මාණය වන මෙම චිත්‍රපටය ‘සිංගම්’ හා ‘සිම්බා’ චිත්‍රපට මාලාවට සම්බන්ධ චිත්‍රපටයක් බවට මේ වනවිට තහවුරු වී තිබේ.
ආක්ෂේ කුමාර් සමග මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ කත්‍රිනා කයිෆ්ය. ආක්ෂේ ඇය සමගින් බොලිවුඩ් චිත්‍රපටයක රංගනයෙන් දායක වෙන්නේ වසර නමයකට පසුව වීම විශේෂත්වයකි. අවසන් වරට ඔවුන් දෙදෙනා බොලිවුඩ් චිත්‍රපටයක පෙනී සිටියේ ප්‍රියදර්ශන්ගේ ‘දේ ඩනා ඩන්’ චිත්‍රපටයේය.