වසර නමයකට පසුව නැවත හමුවන සිනමා පෙම්වතුන්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-03-27-ent-150

ආක්සේ කුමාර් හා කත්‍රිනා කයිෆ් පෙනී සිටින චිත්‍රපටයක් නුදුරේම රූපගත කරන්නට සැලසුම් කර ඇති බවට තොරතුරු වාර්තා වේ. ඒ ‘සූර්යවංශි’ චිත්‍රපටයයි. ක්‍රියාදාම ලේබලය යටතේ නිර්මාණය වන මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ රෝහිත් ෂෙට්ටිය.

වාර්තාවන අන්දමට මෙම චිත්‍රපට ලබන වසරේ තිරත කිරිමට නියමිතව ඇති අතර, සල්මාන් ඛාන්ගේ ‘ඩබාන්ග්’ තුන්වැනි චිත්‍රපටයද එදිනම ප්‍රදර්ශනය කිරීමට සූදානම් කර ඇති බවය. මෙම චිත්‍රපටයද සහිතව ආක්ෂේ කුමාර් ලබන වසරේ බොලිවුඩ් චිත්‍රපට පහකින් සිය රසික පිරිස් මුණ ගැසීමට සූදානමින් සිටියි.