වසර දෙකකට සල්මාන්ගේ චිත්රපට හතරක්
සුපිරි බොලිවුඩ් සිනමා නළු සල්මාන් ඛාන් රඟන චිත්රපට හතරක් ඉදිරි වසර දෙක තුළදී ප්රදර්ශනය කිරීමට නියමිතව ඇත. එම චිත්රපට අතරින් මුලින්ම තිරගත වීමට නියමිතව ඇත්තේ මේ දිනවල රූපගත කෙරෙන අබ්බාස් අලී සෆර්ගේ ‘භාරත්’ චිත්රපටයයි. ඉන් පසුව ප්රභුදේවාගේ ‘ඩබාන්ග්’ තුන්වැනි චිත්රපටයද තිරගත වෙන අතර, ‘භාරත්’ හා ‘ඩබාන්ග්’ තුන්වැනි චිත්රපටය 2019 වසරේදි ප්රදර්ශනය වීමට නියමිතය. ‘කික්’ දෙවැනි චිත්රපටය 2020 වසරේදි ප්රදර්ශනය වීමට සූදානම් කර ඇති අතර, ඉදිරියේදී රූපගත කෙරෙන සංජය ලීලා බන්සාලිගේ අලුත්ම චිත්රපටයද 2020 වසරේදි ප්රදර්ශනය වීමට නියමිතව ඇත. බන්සාලිගේ චිත්රපටය සඳහා සල්මාන්, ෂාරුක්, ප්රියංකා හා දිපීකා රංගනයෙන් එක්වෙන බව නිල නොළත් ආරංචි මාර්ග සඳහන් කර සිටියි.