වසර දෙකකට පසුව නැවතත් ‘ආධා’
2017 වසරේදී තිරගත වූ ‘කොමාන්ඩෝ 02’ චිත්රපටය හින්දි සිනමාවේ විශාල පෙරළියක් ඇති කරනු ලැබූ චිත්රපටයකි. විද්යුත් ජම්වාල් සහ ආධා ශර්මා මෙහි ප්රධාන චරිතයට හැඩ කළහ. ආදායම් වාර්තා තබමින් තිරගත වූ මෙම චිත්රපටයේ නවතම චිත්රපටය මෙම වසරේ එළිදැක්වීමට නියමිතය තිබේ. 2017 වසරෙන් පසු ආධා කිසිදු චිත්රපටයක් සඳහා රංගනයෙන් දායක නොවීය. ඇය නැවතත් වසර දෙකකට පසු ‘කොමාන්ඩෝ 03’ මගින් ක්ෂේත්රය පිවිසීමට නියමිතය. කොමාන්ඩෝ තුන්වැන්නේද ඇය සහ විද්යුත් ජම්වාල් ප්රධාන චරිතයට පණ පොවනු ලබයි. ඉන්දියානු සිනමාව තුළ විශාල වෙනස්කමක් කරනු ලැබූ චිත්රපට මාලාවක් ලෙසද මෙම චිත්රපට මාලාව හැඳින්විය හැකිය.
2013 වසරේදී ආරම්භ වූ කොමාන්ඩෝ චිත්රපට මාලාවේ පළමු චිත්රපටය වන්නේ ‘කොමාන්ඩෝ වන් මෑන් ආර්මි’ චිත්රපටයයි. එම චිත්රපටයෙන් පසුව බොලිවුඩ් සිනමාවට විප්ලවයක් කරනු ලැබූ රංගන ශිල්පියෙකු ලෙස විද්යුත් ජම්වාල්ව හැඳින්විය හැකිය. පළමු චිත්රපටයේ සාර්ථකත්වයෙන් පසුව නිෂ්පාදනය වූ දෙවැනි චිත්රපටයේ ප්රධාන චරිතය වෙනස් විය. එහිදී විද්යුත් ජම්වාල් සමගින් ආධා ශර්මා මෙහි ප්රධාන චරිත හැඩ කළ අතර, පළමු චිත්රපටයේ ප්රධාන චරිතයට වඩා විශාල ලෙස මෙම චිත්රපටය වෙනුවෙන් ආධා විශාල සාධාරණයක් සිදුකළ බවයි චිත්රපට විචාරකයින් අදහස. කෙසේ වුවත් නැවතත් ආධාවසර දෙකකට පසු සිනමා නිර්මාණ හතරක් ඔස්සේ මෙම වසරේ දැක ගැනීමට හැකියාව උදා වී තිබේ.