වසර දෙකකට පසුව හනි සිං ජනප්‍රිය වෙලා
දෙවසර නිහඬියාවකින් පසුව නැවතත් මේ දිනවල ඉන්දීය පොප් ගායක හනි සිං පිළිබඳව කතා කරන්නට පටන් ගෙන තිබේ. ඒ ඔහු පසුබිම් ගීත ගායනයෙන් දායක වූ ‘සෝනු කේ ටුටු කී ස්විට්’ චිත්‍රපටය මේ වනවිට බොලිවුඩ් බොක්ස් ඔෆිස් දර්ශනයේ පෙරළියක් කරමින් තිරගත වන හෙයිනි. එමෙන්ම එම චිත්‍රපටයේ හනි සිං ගායනා කරන ‘දිල් චෝරි’ හා චෝටි චෝටි පෙග්’ ගීත දෙක අතිශය ජනප්‍රිය වී තිබීමය.
මේ වනවිට මෙම ගීත දෙක ඉන්දීය බොලිවුඩ් චිත්‍රපට ගීත දර්ශක වල පළමු ස්ථාන 5 අතරට පැමිණිමටද සමත්ව ඇත. හනි සිං අවසන් වරට බොලිවුඩ් චිත්‍රපටයක් සඳහා පසුබිම් ගීත ගායනයෙන් සහය වී තිබුණේ 2015 වසරේදීය. ඒ ආක්ෂේ කුමාර් රඟපෑ ‘ගබ්බර් ඉස් බැක්’ චිත්‍රපටයේ හා කුනාල් කේමු රංගනයෙන් දායක වූ ‘බාග් ජොනී’ චිත්‍රපටවලය.