වසර දහයකට පසුව එන රවීනා
‘දිල්වාලේ’, ‘ලාඩ්ලා’ හා මෝහොරා’ චිත්‍රපට තුළින් අතිශය ජනප්‍රියත්වයට පත් හින්දි සිනමා නිළි රවීනා තන්ඩන් රංගනයෙන් දායක වන බොලිවුඩ් චිත්‍රපටයක් ඉදිරි සතියකදී ප්‍රදර්ශනය වීමට නියමිතය. ‘මැටර්’ නම් වු මෙම චිත්‍රපටය එළැඹෙන අප්‍රේල් 21 වැනිදා ප්‍රදර්ශනය වීමට සුදානම් කර තිබේ. රවීනා බොලිවුඩ් චිත්‍රපටයක දකින්නට ලැබෙන්නේ වසර දහයකට පසුව වීම විශේෂත්වයක් වන අතර, ඇය අවසන් වරට චිත්‍රපටයක රඟපා ඇත්තේ 2006 වසරේ තිරගත වු ‘සැන්විජස්’ නම් චිත්‍රපටයේය. එහි ඇය ගෝවින්දා සමගින් ප්‍රධාන චරිතය නිරූපණය කෙරිණි. අඩු වියදමක් දරා නිර්මාණය කළ මෙම චිත්‍රපටයේ රවීනා ‘විද්‍යා’ නම් මවකගේ චරිතයක් නිරූපණය කරයි.