වසර තුනක් තිස්සේ එකදිගට අසාර්ථක වන සායිෆ්
බොලිවුඩයේ සුපිරි නළුවෙකු නොවුණද බොහෝ පිරිසක් ආදරය කරන නළුවෙකු ලෙස සායිෆ් අලී ඛාන් හැඳින්විය හැකිය. කෙසේ වෙතත්, 2017 වසරේ සිට මේ දක්වා සායිෆ් අලී ඛාන් රංගනයෙන් දායක වූ සියලු බොලිවුඩ් චිත්රපට අසාර්ථක වී ඇත.
පසුගිය ඔක්තෝබර් 18 වැනිදා ඔහුගේ අලුත්ම චිත්රපටය වූ ‘ලාල් කප්ටාන්’ තිරගත වූ අතර, දින හයක් වෙද්දිත් එම චිත්රපටය උපයාගෙන තිබුණේ ඉන්දීය රුපියල් කෝටියක මුදලකි. 2017 වසරේ තිරගත වූ ‘රැන්ගොන්’, ‘චෙෆ්’ 2018 වසරේ තිරගත වූ ‘කලාකන්දි’, ‘බෂාර්’ මෙන්ම පසුගියදා තිරගත වූ ‘ලාල් කප්ටන්’ චිත්රපටය සායිෆ්ගේ අසාර්ථක චිත්රපට වේ.